ජවිපෙට දුන් ඡන්දයක් පාසලකින් හමුවෙයි


ගාල්ල උළුවිටිකේ රිචඩ් පතිරණ විද්‍යාලයේ තිබී ඡන්දය සළකුණු කළ ඡන්ද පත්‍රිකාවක් හමුවී ඇත. උදෑසන පාසල් ආ සිසුවකු එය අහුලා විදුහල්පති හිමියන්ට භාර දීමෙන් පසු ඒ ගැන අදාල අංශ දැනුම්වත් කැර ඇත. මේ විදුහල ඡන්ද මධ්‍යස්ථානයක් ලෙස භාවිතයට ගෙන ඇත. ජනතාවිමුක්ති පෙරමුණේ අපේක්ෂක රත්න ගමගේ මහතා පවසන්නේ මේ පත්‍රිකාවේ ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය සළකුණු කැර ඇති බවයි. එම ස්ථානයට පැමිණි සහකාර මැතිවරණ කොමසාරිස් බිමල් ඉන්ද්‍රජිත් මහතා කියා සිටියේ හමුවී ඇති ඡන්ද පත්‍රිකාව මුද්‍රා තබා රැගෙන ගොස් පරීක්ෂා කරන බවයි.