හම්බන්තොට මාගම්පුර වරාය චීනයට විකිණීමට හා හම්බන්තොට ඉඩම් අක්කර 15000ක් චීන ආයෝජකයින්ට ලබා දිම සඳහා රජය ගෙන ඇති තිරණයට විරෝධය පළකරමින් ජනතා විමුක්ති පෙරමුණ අද (5) අම්බලන්තොට ලැයිම හන්දියෙන් විරෝධතා පා ගමනක් ඇරඹීය.
පාගමනින් අම්බලන්තොට නගරයට පැමිණ අම්බලන්තොට නගරයේ දි විරෝධතාවයේ යෙදුණු අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, සුනිල් හඳුන්නෙත්ති, නිහාල් ගලප්පත්ති, කේ.ඩී ලාල් කාන්ත ඇතුළු පක්ෂ සාමාජිකයෝ ඇතුළු විශාල පිරිසක් ඊට එක්වූහ.





