ජවිපෙ රැස්වීමට දුන් අවසරය අවලංගු කරයි


ආරච්චිකට්ටුව ආනවිලුන්දාව නිවාස 20 යෝජනාක ක්‍රමයේ ඡන්ද රැස්වීමකට අවසර දුන් පොලිසිය යළි එය අවලංගු කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ දිස්ත්‍රික් සභාපති ඩබ්ලිව්.අජිත් ගිහාන් ප්‍රනාන්දු මහතා පවසනුයේ නිවාස සමිතියේ කැමැත්ත දැක්වෙන ලිපියක් ඉදිරිපත් කිරීමෙන් පසුව පොලිසිය ශබ්ද විකාශන බලපත්‍රද නිකුත් කර තිබියදී රැස්වීම අවලංගු කළ බවයි.

ඉඩමේ අයිතිය නිවාස සමිතියට හිමි නොවන බවත් එය ආරච්චිකට්ටුව ප්‍රාදේශිය සභාවට හිමි බවත් ප්‍රාදේශිය සභාවේ අවසරයකින් තොරව රැස්වීමට ඉඩදිය නොහැකි බවත් ප්‍රාදේශිය සභා සභාපතිවරයා කිවේය.