මැද පෙරදිග ගෘහ සේවයේ යෙදෙන කාන්තාවන් සඳහා වන සුබ සාධනය පිළිබඳ සාකච්ඡා කිරීමට ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයෝ විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය එම අමාත්‍යංශයේදී හමුවූහ.
ගෘහ සේවයට අවම වැටුප් තීරණය කිරීම, විශ්‍රාම වැටුපක් ලබාගැනීම, ගෘහ සේවයේ යෙදෙන කාන්තාවන්ගේ කුඩා දරුවන් ජාතික පාසලකට ඇතුළත් කිරීමේදී යම් සහනයක් ලබාගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඇතුළත් යෝජනාවලියක් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා ඇමැතිනියට බාර දුන්නේය.



