19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ගැටළු සහගත කරුණු නැවත සංශෝධනය කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමටත් ජනාධිපති සහ අගමැති අද (02) පැවැති විධායක සභාවේ දී එකඟ වූ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
එම පොරොන්දු ඉටු වන තෙක් බලා සිටින බවත්, ඒවා ඉටු කිරීමට අපොහොසත් වුවහොත් ඉදිරි පියවර ගැන සලකා බලන බවත් ඔහු කීවේය.

