ජවිපෙ ගැහුවා- පුබුදු : අපේ සම්බන්ධයක් නෑ - විජිත


තම ගන්නෝරුවේ පිහිටි කාර්යාලයට පහරදීමට ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් පුබුදු ජයගොඩ මහතා කියයි.

මතවාදී වශයෙන් තමන්ට එල්ලවන අභියෝග බාහු බලයෙන් මැඩ පැවැත්වීමට ජවිපෙ උත්සාහ කරන බවද ඒ මහතා කීවේ එම පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇත්තේ ජවිපෙ ක්‍රියාකාරීන් බවයි.

නමුත් ජනනා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසුවේ මෙම පහරදීමට ජනතා විමුක්ති පෙරමුණේ කිසිදු සම්බන්ධයක් නැති බවයි.