ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් මාතර අකුරැස්ස පාරේ උනැල්ලේ පවත්වාගෙන යන ඌරු කොටුවෙන් පරිසර හානියක් වෙතියි කියමින් පිරිසක් අද උද්ඝෝෂණයක් කළහ.
උද්ඝෝෂණයට මහා සංඝරත්නය ද සහභාගී විය.
ජවිපෙ දකුණු පළාත් මන්ත්‍රී ජයන්ත පතිරණ මහතා පැවසුවේ මෙම ඌරුකොටුව සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පවතින බවයි.
නියමිත ප්‍රමිතය අනුව ඌරුකොටුව පවත්වාගෙන යන බවත් ඔහු කියයි.