ජවිපෙ අය වැය වර්ජනයට සැරැසේ


මහින්ද රාජපක්ෂ ජනපති බ්‍රහස්පතින්දා (21) පවත්වන  අය වැය කතාව වර්ජනය කිරීමට  විපක්ෂ දේශපාලන පක්ෂ සමග සාකච්ඡා පවත්වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්  පාර්ලිමේන්තු මන්ත්‍රී  විජිත හේරත් මහතා පවසයි.

2013 අය වැයෙන් දුන් පොරොන්දුව ඉටු නොකළ  රජය මෙවර අය වැය මගින්ද ජනතාව රවටනු ඇති බවත්  එම නිසා අය වැය කතාව යනු තනිකරම පුස් වෙඩිල්ලක්  පමණක් වනු ඇතැයිද  හේරත් මහතා ජවිප  පක්ෂ මුලස්ථානයේ අද (20) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසී.

රජය ලෝකයට ණය වී හිඟා කා පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව නැමැති මඟුලක් කෑ බවත් බවත් එහි නරක  ප්‍රතිපල ඉදිරියේදී මෙරට ආර්ථිකයට දැනෙනු ඇති බවත් හේරත් මහතා පැවසීය.