ජවිපෙ අපේක්ෂක රිය අනතුරින් මරුට


බස්නාහිර පළාත් සභාවට ජනතා විමුක්ති පෙරමුණෙන් තරග කරන සුමතිපාල මානවඩු මහතා ගමන් ගත් යතුරු පැදිය ඉඹුල්ගොඩදී  ටිපර් රථයක ගැටීමෙන් ඔහු එම ස්ථානයේ දීම මියගිය බව පොලිසිය කියයි.

ඔහු අද රැස්වීමකට යන අතරතුරදී කොළඹ,  මහනුවර ප්‍රධාන මාර්ගයේදී මෙම අනතුරට පත්ව ඇත.

මානවඩු මහතා ගම්පහ ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුද වු අතර ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සමස්ථ ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම්වරයාද වෙයි.

සුනාමි ව්‍යසනයෙන් හානියට පත් වු දකුනු දුම්රිය මාර්ගය පිළිසකර කිරීමේදී මානවඩු මහතා මුලිකත්වය ගෙන ක්‍රියා කර ඇත.