බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් කී‍්‍රඩකයා තේරීමේ තරගයේදී සිව්වැනි සතිය වන විට ඡන්ද 7108 ක් ලබාගනිමින් තවදුරටත් සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණ හිමි කර ගැනීමට තර්ස්ටන් විද්‍යාලයේ මින්හාජ් ජලීල් සමත් වී තිබේ. ඡන්ද 3391 ක් ලබාගෙන රිච්මන්ඞ් විද්‍යාලයේ ඒ. කේ. ටිරෝන් එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවෙයි.
ගෙවී ගිය සතිය තුළ තර්ස්ටන් විද්‍යාලයේ ජලීල් ඡන්ද 1634 ක් ලබා ගනිද්දී රිච්මන්ඞ් විද්‍යාලයේ ටිරෝන්ට ලබා ගත හැකිවී ඇත්තේ ඡන්ද 24 ක් පමණි.
ඔවුන් දෙදෙනාට අමතරව කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ දුෂාන් හේමන්ත (2096) සහ ත‍්‍රිත්ව විදුහලේ දිනුක වික‍්‍රමනායක (1423) ඡන්ද 1000 කට වැඩියෙන් ලබාගනිමින් සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනාගැනීමට සමත්ව සිටිති.
පසුගිය සති 2 ඇතුළත නැගී එන කාණ්ඩයේ කී‍්‍රඩකයන් අතර පෙරමුණට පැමිණි කැළණිය විද්‍යාලෝක විදුහලේ සංජු ශාරුක් මේ සතිය තුළදී ඡන්ද 179 ක් ලබාගෙන සමස්ත ඡන්ද 340 ක් සමගින් තවදුරටත් තම ස්ථානය රැකගැනීමට සමත්ව තිබේ.
ලේටන් පාර්ක් විද්‍යාලයේ වලීඞ් ජිෆ්රි ඡන්ද 2379 ක් ලබා ගෙන තව දුරටත් අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ පෙරමුණේ පසුවන අතර ඔහු විසින් පසුගිය සතිය තුළ ඡන්ද 1202 ක් ලබාගෙන තිබේ.
මෙම තරගයට අදාළ කූපන් පත් විජය පුවත් පත් අයතනයේ, දිනපතා ප‍්‍රකාශන වන ‘ලංකාදීප’ සහ ‘ඬේලි මිරර්’ පුවත් පත්වලද සහ සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ පුවත් පතේද පළවේ. තමන් කැමතිම කීඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට මැයි 30 වැනි දා දක්වා පඨකයන්ට අවස්ථාව ඇත.
සමස්ථ ලංකා පාසල් කාණ්ඩය
කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
මින්හාජ් ජලීල් | තර්ස්ටන් විදුහල | 7108 |
ඒ. කේ. ටිරෝන් | රිච්මන්ඞ් විදුහල | 3391 |
දුෂාන් හේමන්ත | කොළඹ ශාන්ත පීතර විද්‍යාලය | 2096 |
දිනුක වික‍්‍රමනායක | ත‍්‍රිත්ව විදුහල | 1423 |
මාධව නිමේෂ් | පානදුර රාජකීය විදුහල | 797 |
සචින් බුලත්සිංහල | කටුගස්තොට ශා අන්තෝනි විදුහල | 373 |
ජේසන් බුල්ජන්ස් | කොළඹ ශාන්ත පීතර විද්‍යාලය | 363 |
දමිඳු අෂාන් | පානදුර රාජකීය විදුහල | 174 |
කුසල් මෙන්ඩිස් | මොරටුව වේල්ස් කුමර විදුහල | 166 |
දේවින් පත්මනාතන් | කොළඹ රාජකීය විදුහල | 155 |
තමල්ක ඇතුලත්මුදලි | කොළඹ ආනන්ද විදුහල | 122 |
රොෂාන් අනුරුද්ධ | කැළණිය ගුරුකුළ විදුහල | 97 |
යොහාන් සිල්වා | අම්බලන්ගොඩ ධර්මාශොක විදුහල | 79 |
සන්ජික රිද්ම | මාතර ශන්ත සිල්වෙස්ටර්ස් විදුහල | 47 |
නැගී එන පාසල් කාණ්ඩය
කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
සංජු ශාරුක් | කැළණිය විද්‍යාලෝක විදුහල | 340 |
ලහිරු විමුක්ති | පානදුර ශී‍්‍ර සුමංගල විදුහල | 163 |
දේෂාන් ධනංජය | මාතර රාහුල විදුහල | 86 |
ප‍්‍රසන්න සුජිත් | උහන මධ්‍ය මහා විදුහල | 72 |
සදීප ලක්ෂාන් | බලවන වේයන්ගොඩ | 19 |
නිපුන යතිදුර | කැළණිය ධර්මාශෝක | 13 |
අන්තර්ජාතික පාසල් කාණ්ඩය
කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
වලීඞ් ජෙෆ්රි | ලේටන් පාර්ක් විදුහල | 2379 |
සසිත රත්නතිලක | නුගේගොඩ ලයිසියම් විදුහල | 75 |
ත්‍යාග හිමිකරගත් පාඨකයෝ
1. රොශේන් ටේරවිස්, ඔ/භ/6, ටෝනි මාවත, ගලගහව, හැඳල, වත්තල
2. චරිත් මධුෂාන්, ‘සමනල පාසල්’ මාවත, බෙරන්නාව, යටියන්තොට
3. කශ්මි දිසානායක, 24/6, කෝනිලියස් පෙදෙස, කොරලවැල්ල, මොරටුව
4. ටී. හෙන්ස්මන්, 60, මුහන්දිරම් පාර, කොළඹ 3