ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකීර්ණයේ සියලු බලාගාර සඳහා ජල සැපයෙන මාවුසා කැලේ, කැනියන්, ලක්ෂපාන හා විමල සුරේන්ද්‍ර ජලාශ පිටාර ගලයි. අඟහරුවාදා රාත්‍රීයේ සිට මධ්‍යම කඳුකරයට මහා වැසි වසියි. කාසල් රී ජලාශය පිටාර මට්ටමට ඉතා ආසන්නව පවතී. මෙම ජලාශයන් හි වාන් දොරටු විවෘත කිරීම නිසා කැලණි ගගේ ජල මට්ටම වේගයෙන් ඉහළ යා හැකි බව නුවරඑළිය දිසාපති. බී.පී.ජී කුමාරසිරි මහතා කියයි. කඳුකරයේ දැඩි සුළං තත්ත්වයක් ද පවතී. පස් කඳු ද කඩා වැටී ඇත.