ජල්ගොන් මහින්ද විහාරය ඇස් පාදන පිංකමක් කරයි


ඉන්දියාවේ අජන්තාවට සමීපව පිහිටා ඇති ජල්ගොන් නගරයේ ජිවත්වන ඉගෙනීමට දක්ෂ දරු දැරියන් 50 කට  අතදීමට ජල්ගොන් මහින්ද විහාරය සැරැසෙයි.

මහා මහින්ද ජාත්‍යන්තර ධර්මදුත සංගමයේ මෙම සත්කාරය පිළිබඳව මහින්ද විහාරාධිපති නක්කාවිට සුගතවංශ හිමියන් මෙසේ පැවසිය.

අපි මේ සත්කාරය කරන්නේ 1970 සිට.1968 දි තමයි මම ඉන්දියාවට ආවේ. මේ අහිංසක දරු දැරියන්ට අත දෙන්න පටන්ගත්තේ බද්දේගම විමලවංශ අනුනායක හිමියන්ගේ උපදෙස් මතයි. සැම වසරකම ළමයි න් 50 ක් අපි බඳවා ගන්නවා. ඒ ළමයින්ට කෑම බිම ඉදුම් හිටුම් ඉගෙනීමට අවශ්‍ය පාසල් උපකරණ නොමිලේ දෙනවා. දහම් මඟ කියාදී බුදු දහම අනුව ජිවත්වන 20000කට අධික ඉන්දියානුවන් පිරිසකුත්  මේ අවට ඉන්නවා.

unnamed-(2) unnamed