(ඩබ් ඒ පියතිලක )
ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ වේහෙරගොඩ යාය ප්‍රදේශයේ ඓතිහාසික පුරා විද්‍යා භුමියේ සකසා තිබු ගවමඩු හිමිවරු පිරිසක් සහ පුද්ගලයින් පිරිසක් විසින් අද (06) කඩා ගිනි තබා විනාශ කර දැමිමට කටයුතු කළහ.
එම ස්ථානයට පැමිණි ස්වාමින් වහන්සේලා ඇතුළු පිරිස පවසා සිටියේ ඓතිහාසික වටිනා කමක් ඇති පුණ්‍ය භූමි තුළ හරක් මඩු හදන්න කිසිසෙත්ම ඉඩ දිය නොහැකි බවයි.
එමෙන්ම බෞද්ධ විහාරස්ථාන තුළ හරක් මඩු ගහන්න ඉඩ දෙන්න බැරි නිසා නිළධාරින් නිහඩව සිටියාට බුද්ධශාසනය ආරක්ෂා කිරිමට සිටින අපිට නිහඩව සිටිය නොහැකි බව එම ස්වාමින් වහන්සේලා පවසා සිටියහ.
මේ සදහා ස්වාමින් වහන්සේලා තිහක් පමණ සහ ප්‍රදේශවාසින් සේම විවිධ පරිසර සංවිධානවල නියෝජිතයන් පැමිණ සිටියහ.




