ජල සම්පාදනයෙන් කොළඹට රතු එළියක්


වැටුප් විෂමතා ඉවත් කිරීම, හිඟ වැටුප් ලබාගැනීම ඇතුළු ඉල්ලීම් අටක් මුල් කරගෙන කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක් ගැනීමට තීරණය කර ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය පවසයි.

අද කොළඹ මහජන පුස්තකාලයේ පැති මාධ්‍ය සාකච්ඡාවක දී ඉංජිනේරු ඩිප්ලෝමා සංගමයේ සභාපති අශෝක ද අල්විස් මහතා මේ බව කීවේය. ඒ අනුව අතිකාල සේවා ප්‍රතික්ෂේප කරන බවත්, රාත්‍රී නඩත්තු සේවා නොකරන බවත්, විවේක දින සති අන්ත හා අමතර සේවාවලින් බැහැරවන බවත් ඔවුහු කියති.

DSC_0263 - Copy