(සුජිත් හේවාජුලිගේ)
මහනුවර, පුත්තලම, කුරුණෑගල, දිස්ත්‍රික්කයන් හී මෙන්ම අනෙකුත් දිස්ත්‍රික්කවල ඇතැම් ජල සම්පාදන ක්‍රම උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක නොවන බැවින් ඉතා අරපිරිමැස්මෙන් ජලය භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි
දිවයින පුරා පැවැති අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් රට පුරා ක්‍රියාත්මක ජල සම්පාදන ක්‍රම රැසක ක්‍රියාකාරිත්වයට බාධා එල්ල වී ඇති බවද මණ්ඩලය පවසයි
ජල සම්පාදන මණ්ඩලය දිවයින පුරා ජල යෝජනා ක්‍රම 343ක් ක්‍රියාත්මක කරන අතර එයින් ජල යෝජනා ක්‍රම 156කට බාධා එල්ල වී ඇතැයි පෙන්වා දෙන එම මණ්ඩලය මේ හේතුවෙන් දෙන ජලය භාවිත කරන පාරිභෝගිකයින් විශාල පිරිසක් අපහසුතාවටද පත්ව ඇති බවද කියයි

