ජල භීතිකා බේත ගෙන්වයි


(අංජුල මහික වීරරත්න)

රේඛීස් එන්නත් (මිනිස් පරිහරණය) මිලිලීටර 0.5/ මිලිලීටර 1න් අක්‍රිය කරන ලද මාත්‍රා 3,000,000 ක් ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ජලභීතිකා රෝගය වැළඳීම වැළැක්වීම සඳහා භාවිතා කරනු ලබන රේඛීස් එන්නත් (මිනිස් පරිහරණය) මිලිලීටර 0.5/ මිලිලීටර 1න් අක්‍රීය කරන ලද මාත්‍රා 3,000,000 ක් ප්‍රසම්පාදනය සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැදවා තිබේ. 

ඒ සඳහා ලංසු හතරක් ලැබී ඇත. ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවේ සහ ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ නිර්දේශ මත පදනම්ව, එම ප්‍රසම්පාදනය ශ්‍රී ලංකාවේ Citibealth Imports (Pvt) Ltd. (Manufacturer: Serum Institute of India Pvt. Ltd., India) 2 95 380 රුපියල් මිලියන 360 ක (වැට් රහිත) මුදලකට පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.