ජල පාලක හිත උණු වේ:බණ්ඩි ගොයමත් බේර ගනී


බදුල්ලෙන් තඹුත්තේගම මහවැලි එච් කලාපයට පත් කළ ජල පාලකවරුන් අතර නුසුදුස්සන් සිටිතියි කියමින් එහි ජල පාලකවරුන් දවසක් පුරා ගෙන ගිය උපවාසය අවසන් විය.

මහවැලි එච් කලාපයයේ ජල පාලකවරුන් හතළිස් දෙදෙනාගේ  සේවය ස්ථීරකරන්නැයි ද ඉල්ලීමක් විය.

ඔවුන්ගේ ප්‍රශ්නයට විසදුමක් දෙන බවට නිලධරයින් කිහිප දෙනකුම පොරොන්දු වීමෙන් පසුව උපවාසය අවසන් කළ ජල පාලකවරු අට වැනි වතුර මුරය නිකුත් කළහ.  අවදානමට ලක්ව තිබු සෝයා හා බණ්ඩි ගොයමට  දියවර සැපැයුහ.