ජල ජල්තරයකින් ජල්තර කැළඹෙයි


හංවැල්ල ජල්තර නල ළිං කැණීමක් හේතුවෙන් තම ප‍්‍රදේශයේ ළිං ජලය සිඳී ගොස් ඇතැයි කියමින් ප‍්‍රදේශවාසීහු පිරිසක් අද(23) ජල්තර මංසන්ධියේදී කොළඹ  - අවිස්සාවේල්ල ප‍්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ යෙදුණහ.

ප‍්‍රධාන මාර්ගය අවහිර වීමෙන් දැඩි වාහන තදබදයක්ද ඇති වූ අතර පසුව හංවැල්ල පොලිසිය පැමිණ මාර්ගය හරස් කර සිටි පිරිස් ඉවත් කර වාහන

ගමාගමනයට ඉඩ ලබා දුන් අතර පසුව පිරිස විරෝධතාකරුවෝ පුවරු රැගෙන  වෙනත් ස්ථානයක විරෝධතා පාඨ කියමින් පැයක පමණ විරෝධයක යෙදුණහ.

එහි පැමිණි හෝමාගම සහකාර පොලිස් අධිකාරී බැසිල් කි‍්‍රශාන්ත මහතා විරෝධතාවයෙහි යෙදුණු පිරිස් සමග සාකච්ඡා කර සඳුදා (24) මේ සඳහා

විසඳුමක් ලබා දෙන බවත් සංවර්ධන කමිටුවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත් පැවසීමෙන් පසු පිරිස විසිර ගියහ.

ජල විද්‍යාඥයන්ගේ මතය වී ඇත්තේ ඉවක් බවක් නැතිව නල ළිං කැපීම නිසා භූගත ජල මට්ටම බෙහෙවින් පහත වැටී ඇති බවයි. රජරට ද, උතුරේ ද, වයඹ ද එම තත්ත්වය ඇතැයි ඔවුහු කියති.

vlcsnap-2016-10-23-12h09m22s25 vlcsnap-2016-10-23-12h09m55s98