ජල ගැලීම් ප්‍රදේශවල ළිං ජලය පානය පරිස්සමෙන්


(සුජිත් හේවාජුලිගේ)

ජල ගැලීම්වලට ලක්වු ප්‍රදේශවල ජනතාව පානීය ජලය භාවිත කිරීමේදී දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි.

ජල ගැලීම්වලට හසු වූ ප්‍රදේශවල ළිං ජලය පානය කිරීමෙන් වළකින ලෙස එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේය

එමෙන්ම පාචනය වැනි තත්ත්වයන් ඇතිවීමේ දැඩි ප්‍රවණතාවයක් ඇති බැවින් හැකිතාක් උණුකර නිවා ගත් ජලය පානය කරන ලෙස   ඔහු  දැනුම්  දෙයි

කුඩා දරුවන්ට  උණු කර නිවා ගත් ජලය පමණක් පානය කිරීමට ලබා දෙන ලෙසද  ඔහු ඉල්ලා සිටී