
(ජේ .ඒ. එල් ජයසිංහ)
මහවැලි ගඟ උතුරායාමෙන් ඇති වූ ජල ගැල්මෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට රුපියල් කෝටි 300ක පමණ පාඩුවක් වී ඇතැයි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පැවසීය.
මහවැලි ගඟ උතුරා යාමෙන් ඇතිවූ ගංවතුර නිසා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යුත් උපකරණ, පරිගණක පර්යේෂණ දත්ත උපකරණ, වටිනා ගෘහ භාණ්ඩ ඇතුළු කෝටි ගණනක් වටිනා දේපළ විනාශ වී ඇති බව ද උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා සදහන් කළේය.
සිදුව තිබෙන හානිය මේ වන විට ගණන් බලාගෙන යන බවත්, ගංවතුර නිසා විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨය, කෘෂිකර්ම පීඨය සහ පශු වෛද්‍ය පීඨයේ කෝටි ගණනක් වටිනා පර්යේෂණ හා විද්‍යුත් උපකරණවලට හානි සිදුව තිබෙන බවත් ඔහු පැවැසීය.
විශ්වවිද්‍යාලයේ පරිගණක මධ්‍යස්ථානයේ තිබූ කෝටි 6 ක පමණ පරිගණක උපකරණ විනාශ වී ඇති අතර ක්‍රීඩා උපකරණ නඩත්තු ඒකකයේ විදුලි උපකරණ, විශාල ප්ලාස්ටික් ජල ටැංකි රැසක් ගංවතුරට ගසාගෙන ගොස් ඇති බව ද උපකුලපතිවරයා කීය.
ඇතිවූ ආපදා තත්වය නිසා හානි වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලය යථා තත්වයට පත් කිරීමේ අභියෝගයට මුහුණදීමට සිදුව ඇති බව ද මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පැවැසීය.



