ජල ගාස්තුව සියයට 10 ත් 30 ත් අතර අඩු වීමක්


(යොහාන් භාසුර)

ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.

විදුලි ගාස්තුව අඩුවීමට සාපේක්ෂව ජල ගාස්තු අඩු කිරීමට සැළසුම් කරමින් සිටින බවත් ජල ගාස්තු අඩුකිරීම පිළිබඳ සොයා බැලීම සඳහා කමිටුවක් ද පත්කර ඇති බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.  

ජල බිල අඩුකිරීම සඳහා පත්කළ කමිටුවේ වාර්තාව ඉදිරි දින කිහිපය ඇතුළත ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපතිවරයා වෙත භාරදීමට නියමිත බවත් එම වාර්තාව විෂයභාර අමාත්‍යවරයා වෙත භාරදීමෙන් අනතුරුව අදාළ යෝජනා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම නිලධාරියා කීය.