ජල ගාස්තු වැඩිවීම නවතී


ජල ගාස්තු සියයට 30කින් ඉහළ නැංවීම නවතා දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ති‍බේ.

සාමාන්‍ය ජනතාව තලා පෙලන අයුරින් ජල ගාස්තු වැඩි නොකළ යුතු බවට මෛත්‍රීපාල සිරිසේන ජනපති කැබිනට් මණ්ඩලයට කළ යෝජනාවක් අනුව මෙම තීරණය ගෙන ඇත.

සාමාන්‍ය ජනතාවට අසාධාරණයක් නොවන අයුරින් ජල බිල ඉහළ නැංවීම පිළිබඳ සොයාබැලීමට රවුෆ් හකීම්, රවි කරුණානායක, ආචාර්ය සරත් අමුණුගම යන ඇමැතිවරුන්ගෙන් යුත් කමිටුවක් පත් කළ බව ඛණිජතෙල් හා පෙට්‍රෝලියම් වායු ඇමැති චන්දිම වීරක්කොඩි මහතා පාර්ලිමේන්තුවේ දී අද (15) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.