ජල කෙළියෙන් තායිලන්තය නැහැවේ


පසුගිය වසරේ කළ වැරදි සෝදා හැරීම සහ උෂණ සමයේ ශරීරයේ උණුසුම නිවා සිසිලක් ලබා දීම අරමුණු කර ගනිමින් තාලියන්තයේ සාම්ප්‍රදායිකව පවත් වන අලුත් අවුරුදු ජල සැණකෙළියේ ඉරිදා (13) ආරම්භ විය.

සොන්ග්ක්‍රන් නම් මෙම ජල සැණකෙළිය බදාදා (16) දක්වා පැවැත්වෙයි.

බට හා ජල තුවක්කු මගින් ජලය විද ගනිමින් ද, ජලයෙන් නහවා ගනිමින් ද පවත් වන මේ සැණකෙළියට අලි ඇතුන් පවා රැගෙන විත් තිබිණි.

පාරේ ගමන් ගන්නා වාහනවලට සහ ජනතාවට වතුර ඉසීමෙන් තායි වැසියෝ සතුටු වෙති.

භාජනවල ජලය අවසන් වූ විට සැපයීමට ජල බවුසර ගෙන්වා තිබුණු අතර ජලය ගසා ගන්නන්ට විනෝදයක් සැපයීමට තැන තැන සෑදූ මණ්ඩපවල සංගීත භාණ්ඩ වානය කැරිණි.