ජර්මන් පදනමේ කතට එතෙර යන්න අවසර


ජර්මනියේ ෆ්‍රෙට්‍රික් නියුමන් පදනමේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සාගරිකා නීලමනී දෙල්ගොඩ රුපියල් ලක්ෂ පනහක බැ දුම්කරයක් අත්සන් කිරීමෙන් පසු ගෙදර යෑමට අවසර දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග ක‍ළේය.

ඇය සිය කැමැත්තෙන්ම මේ බැඳුම්කරව අත්සන් කළාය.

රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අධිකරණයට දැන්වූයේ රජයට තර්ජනයක් කළ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන නමුත් ඇය සැකකාරියක නොවන බවයි. ඉදිරියේදී ඇය සැකකාරියටක කිරීමට ඉඩ ඇතැයි ද, පසුගිය සිකුරදා ඇගේ එතෙර ගමන වැළැක්වීයැයි ද ඔහු කීවේය.

ඇය බැඳුම්කරයක් මත එතෙර යන්නේ නම් ඊට විරුද්ධ නොවන බව අබේසේකර මහතා කීවේය. මහේස්ත්‍රාත් පිලපිටිය මහතා පැවසුවේ ඇය සැකකාරියක නොවේ නම් බඳුම්කරයකට ඇතුළු  වන ලෙස ඇයට දැන්විය නොහැකි බවයි. ඇය කැමතිනම් එවැන්නක් කළ හැකි බව ද මහේස්ත්‍රාත් කීවේය.