ජයලලිතා ජයරාම් වෙනුවෙන් ශෝකය පළ කර ඇයට ගෞරව කිරීමක් ලෙස උතුරු පළාත් සභා රැස්වීම ලබන බදාදා දක්වා කල් තබන බව සභාපති සී.වී සිවඥානම් මහතා ප්‍රකාශ කළේය.
එම ප්‍රකාශයට කිසිවකු විරෝධය පළ නොකළ බව උතුරු පළාත් සභා මන්ත්‍රී වී.ජයතිලක කියයි.
තමිල්නාඩුවේ හිටපු මහ ඇමතිනිය වෙනුවෙන් වතුකරයේ දමිළ ජනතාව අද(6) ඇගේ ජායාරූප ඉදිරියෙන් මල් තබා ගෞරව කර කෝවිල් වල ආශිර්වාද පුජා පැවැත්වුහ.