ජයලලිතාට ශ්‍රී ලංකා භීතිකා වැඩිවේ


ලබන ජුලි මාසයේදී පැවැත්වීමට නියමිත ආසියා  ජවන හා මළල ක්‍රීඩා ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව සහභාගී වන්නේනම්,    තමිල් නාඩුවේ පැවැත්වීමට ඉඩ නොදෙන බවට තමිල් නාඩු මහා ඇමැතිනි ජයලලිතා ජයරාම් මහා ගෝරනාඩුවක් නගයි.

ජිනීවා මානව හිමිකම් සැසි වාරයට සමගාමීව ශ්‍රී ලංකා විරෝධීන් ගෙන යන  අසත්‍ය ප්‍රචාරයන් ගේ එල්ලී එම චෝදනා උපුටා දක්වමින් ජයලලිතා පවසන්නේ මෙම තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩික ක්‍රීඩිකාවන් සහභාගීවීම තමිල්නාඩුවේ ජනයාගේ "හිතරිදවිය හැකි" කරුණක් වන බවයි.

20 වෙනි ආසියා  ජවන හා මලල ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා ඉන්දියාවට අවස්ථාවක් ලැබී ඇත්තේ වසර 20කට පසුවය.

මෙයට අමතරව ලබන මාසයේදී ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් සැසි වාරයේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට එරෙහිව සිය ඡන්දය පාවිච්චි කළ යුතු බවද ජයලලිතා අවධාරණය කරයි.

ජයලලිතා නායකත්වය දරන අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂය මන් මොහාන් සින් සභාග රජයේ ප්‍රබල කොටස් කරුවෙකි.

ගිය වසරේ ජිනීවා සැසියේදී ශ්‍රී ලංකාවට විරුද්ධව ඉන්දියාව සිය ඡන්දය භාවිතාකළේද ජයලලිතාගේ තර්ජන නිසා බව වාර්තාවිය.