දින 21කට පසු තමිල්නාඩු හිටපු මහ ඇමැතිනි ජයරාම් ජයලලිතාට ලබන දෙසැම්බර 18 වැනි දා වන කෙත් අතුරු ඇප නියම කරන බව ඉන්දියා අගවිනිසුරු එච් එල් දත්තු ප්‍රකාශ කළේය.
ජයලලිතාගේ ඇපෑල පමා නොකරන බවට ඇගේ නීතීඥයන් දුන් පොරොන්දුව අනුව දෙසැම්බර 18 වැනි දා තෙක් පමණක් ඇප නියම කරන බවත්, දෙසැම්බර 18 වැනි දා යින් පසු දවසක්වත් ඇප නොදෙන බවත් අගවිනිසුරු සිය තීන්දුවේ දී ප්‍රකාශ කළේය.
ඉන්දියා රුපියල් සිය කෝටියකට වැඩි වත්කම් හිමි කර ගත්තේ කෙසේදැයි හෙළි කිරීමට නොහැකි වූ නිසා ඇයට වසර හතරක සිර දඬුවමක් නියම විය.
66 හැවිරිදි ජයලලිතා ඇප ඉල්ලා සිටියේ ඇගේ වයස හා සෞඛ්‍ය හේතු මතය.
ඇය දියවැඩියාව, අධි රුධිර පීඩනය, සෛල දාහය නම් ඡර්ම රෝගයකින් හා තවත් රෝග කිහිපයකින් පෙළෙන බව ඇගේ ඇප ඇයදුමේ සඳහන් විය.

