ජයලලිතාට තව පොටක් පෑදේ


තමිල්නාඩුවේ හමුදා විදුහලක පුහුණුව ලබන ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවේ නිලධාරීන් දෙදෙනකු වහාම ආපසු ශ්‍රී ලංකාවට යවන ලෙස තමිල්නාඩු මහ ඇමැති ජයලලිතා ජයරාම් ඉන්දියා අගමැති ආචාර්ය මංමෝහන් සිංහට ලිඛිතව දැන්වීය.

මෙලෙස ශ්‍රී ලාංකික හමුදා නිලධාරීන් දෙදෙනකුට හමුදා පුහුණුව ලබා දීම පිළිබඳව තදින්ම විරෝධය දක්වන තමිල්නාඩු මහ ඇමැතිනිය පසුගිය මැයි නව 27 දින ඉන්දියා ආරක්ෂක ඇමැති ඒ කේ ඇන්තනී ජයික් ප්‍රකාශයට පත් කළ ප්‍රතිපත්තියට ඉදුරාම පටහැනි බවත් පවසයි.

ආරක්ෂක ඇමැති කියා සිටියේ මින් ඉදිරියට ශ්‍රී ලාංකික හමුදා නිලධාරීන්ට තමිල්නාඩුවේ යුද පුහුණුව ලබා නොදෙන බවයි.

ඔහුගේ අමාත්‍යංශය කරන දේ ආරක්ෂක ඇමැති දැන නොසිටීම ගැන තමන් විමතියට පත් වන බවත් මහඇමැතිනිය කියන්නීය.