ජයලලිතා පණ අදී


තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් මිය ගිය බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි. ‘ද ඉන්දියන් එක්ස්ප්‍රස්‘ පුවත් සේවය දැනට ඇගේ අභාවය වාර්තා කර ඇති අතර වෙනත් ප්‍රධාන මාධ්‍ය මේ සම්බන්ධයෙන් නිල වාර්තාවක් පළ කර නැත.

ඇය 68 වැනි වියේ පසුවූවාය. හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඇය රෝහල්ගත කැර තිබිණි. චෙන්නායි නුවර ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය පසුගිය සැප්තැම්බර් 22 වැනිදා උණ හා විජලනය ඇතිවී අසනීප තත්ත්වයෙන්  රෝහල්ගත කැර සිටි අතර එසේ සිටියදී සිය මහ ඇමැති බලතල ද ඇගේ පක්ෂයේ සාමාජිකයන්ට පැවරුවාය.

ඇපලෝ රෝහල ඉදිරිපිට දහස් ගණනින් ජනයා රැස්ව සිටින බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. චෙන්නායි හි ඇපලෝ රෝහල අවට ප්‍රදේශයට දැඩි පොලිස් ආරක්ෂාව යොදා ඇතැයි ද කියති. 15000ක පොලිස් බළ ඇණියක් එහි කැඳවා ඇත.

මේ අතර ජයලලිතා මිය නොගිය බවත් ඇය ඉතා බරපතල තත්ත්වයෙන් චෙන්නායිහි ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් වෛද්‍යවරු ඇයගේ තත්ත්වය පරීක්ෂා කරමින් සිටින බවත් එම රෝහල මීට ස්වල්ප වේලාවකට පෙර නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින් සඳහන් කරයි. එන්ඩීටීවී පුවත් සේවය එම මාධ්‍ය නිවේදනය ප්‍රකාශයට පත් කර ඇත.

ඇය ජීවිතාරක්ෂක උපකරණ බලයෙන් ජීවත්වන බව එම නිවේදනයේ සඳහන්වේ.

කොටි හිතවාදීන් වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටිමින් ඉන්දීය මධ්‍යම රජය හරහා ශ්‍රී ලංකාවටද බලපෑම් කළ ජයලලිතා ජයරාම් තමිල්නාඩුවේ මහ ඇමැතිනිය ලෙස සිටි සෑම අවස්ථාවකම ලංකාවේ දේශපාලනයටද විවිධ අතපෙවීම් සිදු කළාය.

web_jayay6bcA7UQAE592l

web_IEUntitled-1