වංචා දූෂණ සම්බන්ධයෙන් තමිල්නාඩු හිටපු මහ ඇමැති ජයරාම් ජයලලිතා සිර ගෙන නියම කරමින් ඉන්දියා රුපියල් කෝටි සියයක දඩයක් ද නියම කරමින් ගිය වසරේ සැප්තැම්බරයේ චෙන්නායි අධිකරණයක් නියම කළ දඬුවම කර්නාටක විශේෂ මහාධිකරණය විසින් ඉවත් කැරිණි.
හෙළි කළ නොහැකි වත්කම් සම්බන්ධයෙන් ඇය වැරදිකාරිය කරනු ලැබීය.
මෙම තීන්දුව අනුව සියලු චෝදනාවලින් ජයලලිතා නිදහස් කැරේ.
ඇය නිදහස් කරන පුවත සැලවීමත් සමග ඇගේ ආධාරකරුවෝ සැනකෙලි ස්වරූපයෙන් ප්‍රීති ඝෝෂා පැවැත්වූහ.

