ජයලලිතා ජයරාම් දින 16ක් සිහි සුන්ව රෝහලේ


තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් රෝහල් ගතකර අදට (07)  දින 16ක් ගතවී ඇතත් තවදුරටත් ඇය සිහිසුන්වම සිටින බවට රෝහල් ආරංචිමාර්ග උපුටා දක්වමින් ඉන්දියාවේ ජනමාධ්‍ය වාර්තා කරයි

ඇය රෝහල්ගත කර සිටියෙදී ඇය මියගිය බවට අවස්ථා කිහිපයකදීම කටකතා පැතිරුණු බව සදහන් කරන එම මාධ්‍ය ඇගේ රෝගී තත්ත්වය හෝ වත්මන් තත්වය නිසි ආකාරව දැන ගැනීමට කිසිවෙකුටත් නොහැකි වී ඇති බවත්, ඇගේ ඥාතීන් හෝ ඇගේ රෝගී තත්වය පිළිබදව කිසිවක් ප්‍රකාශ නොකරන බවත් සදහන් කරයි

මේ අනුව ජයලලිතා ජයරාම් ට තමිල්නාඩුවේ හිටපු මහ ඇමති එම්.ජී.රාමචන්ද්‍රන්ට (එම්ජීආර්) හා සමාන රෝගී තතිවයක් හටගෙන ඇතිදැයි ඉන්දීය මාධ්‍ය කිහිපයක්ම ප්‍රශ්නයක් මතුකර තිබිණි. තමිල්නාඩුවේ හිටපු ප්‍රධාන අමාත්‍ය එම්ජී රාමචන්ද්‍රන් 1984 ඔක්තෝබර් මාසයේ හිටි හැටියේ රෝගාතුර වූ අතර ඔහුගේ මොළය මිය යාමේ හේතුව මත ඉන්දියාවේ ඇපලෝ රෝහල වෙත ඇතුළත් කර තිබිණි. දින ගණකනාවක් සිහිසුන්ව සිටි එම්.ජී.ආර් එම රෝහලේදීම මිය ගියේය. එවන් රෝගී තත්වයකට ජයලලිතාත් පත්ව සිටින්නේදැයි මෙම මාධ්‍ය වාර්තා කරයි

මේ පිලිබදව තොරතුරු වාර්තා කර ඇති තමිල්නාඩුවේ ප්‍රධාන පෙළේ මාධ්‍යන් වන දිනමනි දිනමලර් තුග්ලක් වැනි මුද්‍රිත මාධ්‍ය ඇයගේ රෝගය සහ වත්මන් සෞඛ්‍ය තත්වය සොයා ගැනීම සදහා වෙහෙසෙන බවද කියා සිටීයි

මේ අතර ඇය රෝහල් ගත කර දින 15ක් වූ  ඊයේ  ඇපලෝ රෝහල මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයක සදහන් වූයේ ජයලලිතා ජයරාම්ගේ රෝගී තත්වය පාලනය කිරීම සදහා දිගින් දිගටම ප්‍රතිකාර කරනු පබන අතර ඇයගේ සෞඛ්‍ය තත්වය සොයා බලා ප්‍රතිකාර කිරීම සදහා එංගලකන්තයේ විශේෂඥ වෛද්‍යවරුන් වන රිචඩ් සහ එයිම්ස් මෙම රෝහලට කැදවා ඇති බවයි.

මේ වන විට මහ ඇමතිනියගේ සෞඛ්‍ය තත්වය යහපත් වෙමින් පවතින බවත්, වෛද්‍ය එයිම්ස් ප්‍රමුඛ කණ්ඩායම දිගින් දිගටම පරීක‍ෂණ සහ ප්‍රතිකාර කටයුතු වල නියැලී සිටින බවත් ඇය තව දින ගණනාවක් රෝහල්ගතව සිටිය යුතු බවත් එම නිවේදනයේ දැක්වේ.