දොස්තර ජයලත් ජයවර්ධන මහතාගෙන් හිස්වන ගම්පහ ආසනයට එක්සත් ජාතික පක්ෂයේ මනාප ලැයිස්තුවෙන් ඊලග අපේක්ෂකයා වන අජිත් මාන්නප්පෙරුම මහතා පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඔහු දැනට බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරන අතර මැතිවරණ කොමසාරිස්වරයා දැනුම් දුන් පසු පාර්ලිමේන්තු කතානායක ඉදිරියේ දිවුරුම් දිය යුතු බැවින් ඊට පෙර ඔහුට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී පදවියෙන් ඉල්ලා අස්වීමට සිදුවේ.
වෘත්තියෙන් ඉංජිනේරුවෙකු වන මාන්නප්පෙරුම මහතා ගම්පහ නගරාධිපති වශයෙන්ද සේවය කොට ඇත.

