විමල් විරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් ලබන 05 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබිය.රජයේ වාහන අවභාවිතා කළැයි ඔහුට එරෙහිව පොලිස් මුල්‍ය විමර්ශන ඒකකය ප්‍රකාශයක් ලබාගැනීමෙන් පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් කළේය.



