ජයන්ත රෝහණ දෙනෙත් පියා ගනී


කවියකු, ලේඛකයකු , ගීත රචකයකු හා ප්‍රවීණ ගුවන්විදුලි නිවේදකයකු වූ ජයන්ත රෝහණ මහතා (63) අභප්‍රාප්ත විය.

ජයන්ත ප්‍රවෘත්ති උච්චාරණයේදී සුවිශේෂ දස්කම් දැක්වීය. ඔහුටම ආවේනික වූ රටාවකින් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ අති දක්ෂතාව ඔහු දිනා සිටියේය.

කතාවේදීත් ලේඛනයේදීත් සියුම් උපහාසය මතුකර ගැනීමේ සහජ දක්ෂතාවය ඔහුට හිමි විය.

කවියක වූ නිමල් රෝහණ මහතාගේ පුත්‍රයකු වූ ජයන්ත අවසන් වරට සේවය කළේ ලංකාදීප කර්තෘ මණ්ඩලයේය.

ඔහු ඉපදුනේ මාතර දෙවිනුවරය.

මාතර ශාන්ත තෝමස් විදුහලේ හා පානදුර ශ්‍රී සුමංගල විදුහලේ ආදි සිසුවකු වන ඔහු 1977දී කොළඹ කොටුවේ පිහිටි ටයිම්ස් මන්දිරයේ මුල් ලංකාදීපයට සම්බන්ධ විය.

1980දී ගුවන්විදුලි සංස්ථාවට බැඳුණු ඔහු එහි විශිෂ්ඨ ගනයේ නිවේදකයෙක් විය.

රුහුණු සේවයආරම්භයේදී ඊට දායක විය.

ඔහුගේ අවසන් කටයුතු කොළඹ කනත්තේදී සඳුදා (22) පස්වරු පහට සිදු කිරීමට නියමිතය.

දේහය නුගේගොඩ ශ්‍රී විජයාරාම මාවතේ 14 ඒ නිවසේ තැන්පත් කර ඇත.