ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපති ලෙස ජයන්ත ධර්මදාස මහතා නම් කිරීම හා එහි ඉදිරි පියවර වළක්වමින් අතුරු වාරණයක් කොළඹ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය කොළඹ දිසා අධිකරණයෙන් ඉල්ලා සිටි නමුත් විනිසුරු අමල් රණරාජා මහතා වගඋත්තරකාර පක්ෂයට නොතීසි නිකුත් කළේය.
කොළඹ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති ඇන්තනි චූලානන්ද හා ලේකම් බන්ධුල තිලක් දිසානායක මහත්වරු මෙම වාරණය ඉල්ලා සිටියහ.
ක්‍රිකට් සභාපති උපාලි ධර්මදාස මහතා ඇතුළු විධායක කමිටුව වගඋත්තරකරුවන් වශයෙන් නම් කර තිබිණි.
වැඩිදුර විභාගය ලබන අට වැනිදාට කල් තැබිණි.