ජපුර රෝහලේ දොස්තරට නඩු


දරුවකු බිහි කිරීමට සූදානම්ව සිටි ගැබිනි මවක  ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සූතිකාගාරයේ දී කෙළෙසීයැයි කියන රජයේ වෛද්‍යවරයකුට එරෙහිව කොළඹ මහාධිකරණයේදී චෝදනා තුනක් යටතේ අද (29) නඩු පැවරිණි.

සැකකරු වන වික්‍රමසේකර මැදගොඩ සේනාරත්න ඉෂාන් ජයශාන්ත පරණමාන්නට එරෙහිව චෝදනා ඉදිරිපත් කරන ලද්දේ නීතිපතිවරයා විසිනි.

2009 සැප්තැම්බර දෙවැනිදා දරුවා බිහි කිරීමට ඇය සූදානම් වෙද්දී දොස්තර සිය ජනනේන්ද්‍රිය, මවගේ ජනනේන්ද්‍රියට ඇතුළු කළැයි චෝදනා පත්‍රයේ සඳහන් වේ.

මහාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මිය ඇපකරුවන් දෙදෙනකුද  සමග ඔහු රුපියල් පන් ලක්ෂයක මුදල් ඇප නියම කළාය.

නඩු විභාගය අගෝස්තු 26ට කල් තැබිණි.

රජයේ නීතීඥ හිමාශි පෙරේරා පැමිණිල්ල ඉදිරිපත් කළේය.

ඉනෝකා පෙරේරා මහත්මිය සැකකරු වෙනුවෙන් පෙනී සිටියාය.