ජපුර උපාධිය අලෙවි නොකරනු


මුදල් ගෙවීමේ පදනම මත වෛද්‍යපීඨ ප‍්‍රවේශය ලැබූ සිසුන් ඉවත්කරන්නැයි රජයට බලකරමින් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය එම විශ්ව විද්‍යාලය ඉදිරිපිටින් විරෝධතා පා ගමනක් අද (05) ඇරැඹ්ය.

තෘතියික අධ්‍යාපන පනතේ නව සංශෝධන යටතේ රුපියල් ලක්ෂ 75 කට වෛද්‍ය උපාධිය අලෙවි කර ඇති බවත් ඒ අනුව සිසුන් 13 දෙනෙකු ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට බඳවාගෙන ඇති බවටත් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු නජිත් ඉන්දික මහතා චෝදනා කරයි.

විරෝධතා පා ගමන විජේරාම හංදිය දක්වා ගමන් කිරීමට නියමිතය.