ජපුර රෝහලේ ගිලන් රථ රියැදුරන් 3 කට වැඩ වරදී


(යොහාන් භාසුර)

ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රය තුළ විනය විරෝධීව හැසිරුණේ යැයි චෝදනා එල්ල වී සිටින එම රෝහලේ ගිලන් රථ රියැදුරන් තිදෙනක්ට තාවකාලික වැඩ තහනම් පැනවූ බව එම රෝහලේ උසස් නිලධාරියෙක් පැවසීය.
අදාල ගිලන් රථ රියැදුරන් රාජකාරී වේලාවේ මත්පැන් පානය කර කළහකාරීව හැසිරෙන්නේ යැයි පැමිණිළි ලැබී තිබූ බව කී එම නිලධාරියා ඔවුන් රාජකාරී වේලාවේදී නිල ඇඳුමෙන් සැරසී නොසිටි බවට චෝදනාවක් ඇති බව ද එම නිලධාරියා සඳහන් කළේය.
එම රියදුරන් තිදෙනා සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වා සේවය පිළිබඳව ස්ථිර තීරණයක් ගන්නා බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.