ජපානයේ අසිරිය ලංකාවේදී බලන්න


සඳුන් ගමගේගේ 5 වැනි ඡායාරූප ප‍්‍රදර්ශනය

 

2016-12-01-ent-84

 

ජපානය සමග දීර්ඝ කාලීනව බැඳී කටයුතු කරන NICEY INTERNATIONAL ආයතනයට වසර 25ක් සපිරීම නිමිත්තෙන් TELAK EXTEA සහ NICEY TRAVELS සංවිධානය කරනු ලබන "රූප රාමුවක ජපානය" ඡායාරූප දැක්ම සහ ජපන් අසිරිය ප්‍රදර්ශනය දෙසැම්බර් 16, 17 සහ 18 දිනවලදී කොළඹ - 07 ජේ.ආර්. ජයවර්ධන සමරු මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

2016-12-01-ent-75රූප රාමුවක ජපානය ඡායාරූප ප්‍රදර්ශනය සඳහා ප්‍රවීණ ඡායාරූප ශිල්පී සඳුන් ගමගේ විසින් ඡායාරූප ගත කරන ලද සුන්දර ජපානයේ ඡායාරූප රැසක් ඇතුළත්ය. NICEY INTERNATIONAL අනුග්‍රහයෙන් ජපානයේ සංචාරය කරගන්නා ලද ජපානයේ අසිරිය රැගත් මෙම ඡායාරූප ප්‍රදර්ශනය ශ්‍රී ලාංකේය ඡායාරූප ශිල්පියෙකු විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රථම අවස්ථාව ලෙසද සඳහන් කළ හැකිය. මීට පෙර ශ්‍රී ලංකාවේදී ඡායාරූප ප්‍රදර්ශන ද්විත්වයක් සහ ඔස්ට්‍රේලියාවේදී මෙන්ම ඉතාලියේ ඡායාරූප ප්‍රදර්ශන පවත්වා ඇති ප්‍රවීණ ඡායාරූප ශිල්පී සඳුන් ගමගේ විසින් ඉදිරිපත් කරනු ලබන පස්වැනි ඡායාරූප ප්‍රදර්ශනය මෙය වේ.

 

සාම්ප්‍රදායික තේ පිළිගැන්වීමේ කලාව

මෙම ඡායාරූප ප්‍රදර්ශනයට අමතරව NICEY INTERNATIONAL ආයතනය විසින් සංවිධානය කරන ලද ජපානයට ආවේණික සාම්ප්‍රදායික තේ පිළිගැන්වීමේ උත්සවයක්ද මෙකී දිනවලට සාපේක්ෂව පැවැත්වේ. තේ පිළිගැන්වීමේ කලාව ඉදිරිපත් කිරීම වෙනුවෙන් විශේෂ අමුත්තියක ලෙස ජපානයේ රූ රැජිනියක මෙන්ම ජාත්‍යන්තර රූ රැජින තරගයකදී අවසන් තරගකාරිනියන් අතරට තේරීපත්වූ රූප සුන්දරියක වන මායි මොරිතා (Mai Morita) සහභාගී වන්නීය. ඊට අමතරව Sushi පිළිගැන්වීමද, බොන්සායි ප්‍රදර්ශනයද, ඔරිගම් තාක්ෂණය ගැනද, කිමෝනෝ විලාසිතා කලාව ගැන සහ ජපාන බෙරවාදන ඇතුළත් විශේෂාංගද ඇතුළත්ය. මෙම අංශ සඳහා සහභාගීවිය හැකි වන්නේ සීමිත පිරිසකට බැවින් ඒ සඳහා ඇතුළත්වීමට අපේක්ෂා කරන පිරිස REG JPEXHI ලෙස ටයිප්කර 071-2043265 අංකයට යොමුකළ යුතුවේ.

16 වැනිදා සවස 3ට මෙරට ජපාන තානාපති අංශයේ නියෝජ්‍ය තානාපති සහ තවත් සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම ඡායාරූප ප්‍රදර්ශනය සහ උලෙළ ආරම්භ වේ. 17 සහ 18 යන දිනවල උදෑසන 9 සිට රාත්‍රී 7 දක්වා ප්‍රදර්ශනය සහ උලෙළ මහජනතාව සඳහා විවෘතය. මෙම ජපානයේ සුන්දරත්වය රැගත් ඡායාරූප ප්‍රදර්ශනය සඳහා මුද්‍රණ අනුග්‍රහය Heyleys Consumer Products සමාගමෙහි Cafe Pixel (කොළඹ -07) ආයතනය විසින් දරනු ලබයි.

 

2016-12-01-ent-92
2016-12-01-ent-91
2016-12-01-ent-90
2016-12-01-ent-89
2016-12-01-ent-88
2016-12-01-ent-87
2016-12-01-ent-86
2016-12-01-ent-85
2016-12-01-ent-83
2016-12-01-ent-82
2016-12-01-ent-81
2016-12-01-ent-80
2016-12-01-ent-79
2016-12-01-ent-78
2016-12-01-ent-77
2016-12-01-ent-76