ජපානයට ශ්‍රමිකයන් යවන්න ගිවිසුමක්


(යොහාන් භාසුර)

ජපානයට පුහුණු ශ්‍රමිකයන් යොමු කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ජපානය අතර අවබෝධතා ගිවිසුමක් අද (17) අස්සන් තැබීය.  

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙනුවෙන් එහි වැඩබලන සභාපති සමින්ද ජයසේකර සහ ජපාන අයි.එම්. පදනමේ අධ්‍යක්ෂ ටොලුකා කියෝෂි යන මහත්වරු එම ගිවිසුමට අස්සන් තැබූහ.