ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක දැවැන්තයෙක් කොළඹ වරායට


 (යොහාන් භාසුර)
ජපාන සමුද්‍රී ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘ඉකසුචී’  නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ අතර ශ්‍රී ලංකා නාවික හමුදාව  එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගත්තේය.   

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ එම යුද නෞකාව, දිගින් මීටර් 150.5 ක් හා නැව්මුළුව 207 ක ගෙන් සමත්විත වන අතර නෞකාව දිවයිනේ තිබෙන කාලසීමාව තුළ එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට නියමිතය.