මොරටුව නගර සභාව සහ ජපානයේ සුයිටා නගර සභාව අතර ඇති කර ගත් මිත්‍රත්ව ගිවිසුමට වසර 30ක් පිරීම නිමිත්තෙන් උත්සවයක් මොරටුව නගර සභාවේදී අද පැවැත්විණි. මෙම අවස්ථාවට පැමිණි සුයිටා නගර සභාවේ නගරාධිපති ටෙට්සුයා ඉනෝයි මහතා ඇතුළු පිරිස මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් විසින් ඉතා උණුසුම්ව පිළිගනු ලැබූහ. ජපාන තාක්ෂණික දැනුම වඩු කර්මාතයට යොදා ගැනීමත් මොරටුව විශ්ව විද්‍යාලයට පහසුකම් සැලසීම පිළිබඳවත් එහිදී සාකච්ඡා කැරිණි.