ජපාන පන්සලේ පොසොන් පිංකම සති අන්තයේ


(සම්බුද්ධාලෝක විහාරය - ජපානය) ජපානයේ ශ‍්‍රී සම්බුද්ධාලෝක විහාරයේ පොසොන් පිංකම  විහාරාධිපති තුන්හිටියාවේ ධම්මාලෝක හිමියන්ගේ අවවාද අනුශාසනා පරිදි 2013 ජුනි මස 22 සහ 23 දිනයන්හි ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට විහාරස්ථ දායක සභාව , විහාරස්ථ තරුණ කැළ හා විහාරස්ථ දහම් පාසල සැරසෙයි