ජපානයේ උප ඇගමැති ටාරෝ අසෝ ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිත පිරිසක් තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ රාත‍්‍රියේ දිවයිනට පැමිණියහ.
ජපානයේ මුල්‍ය කටයුතු පිළිබඳ උප අග්‍රාමාත්‍යවරියක වන යූකෝ ඔබුචි සහ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය තෙකිෂි ඔසාකි මහතාද මේ අතර වෙති.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප‍්‍රභූ පර්යන්තයේදී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපකෂ සහ විදේශ කටයුතු නියොජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා යන මහත්වරුන් විසින් මෙරටට පැමිණි ජපාන උප අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස පිළිගනු ලැබුහ.
දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තර කර ගැනීම සංචාරයේ අරමුණ වෙයි. මෙම සංචාරය අතර තුර ජපාන උප අග‍්‍රාමාත්‍යවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රජයේ නියෝජිතයින් සමග සාකච්ඡා කිරීමටද නියමිතය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය මාර්තු මාසයේ කළ ආරාධනයකට අනුව අසෝ මහතා ඇතුළු දූත පිරිස මෙරටට පැමිණ ඇත.
-