ජපන්-ලංකා තරුණ හුවමාරුව මෙවරත්


ජපානය හා ශ්‍රී ලංකාව අතර තරුණ සහයෝගීත්වය වැඩි කිරීම සඳහා 25 වැනි ජපන් තරුණ නෞකා වැඩසටහන සෙනසුරාදා (24) ඇරඹීය.

තරුණ ජපන් නියෝජිතයෝ 25 දෙනෙක් පෙරදින ලංකාවට ආහ. ඔවුන් පිළිගැනීමට මහරගම තරුණ සේවා සභා පරිශ්‍රයේ සංස්කෘතික අංග ඇතුළත් වැඩසටහනක් පැවැත්විණි.

එම නියෝජිතයන් දින පහක් පුරා දිවයිනේ රැඳී සිටිමින් විවිධ ස්ථාන නැරඹීයට නියමිතය.

ජාතික තරුණ සේවා සභාව සහ ජපන් තානාපති කාර්යාලයය මේ වැඩසටහන සංවිධානය කරයි.