ජපන් රැකියාත් නෑ: සල්ලිත් නෑ


ජපානයේ රැකියා දෙන බව පවසමින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල තරුණයන් රවටා රුපියල් 75000 බැගින් ගත් බව කියන පියකු පුතකු සහ ලේලියක සැකපිට අත්අඩංගුවට ගත් බව වාද්දූව පොලිසිය කියයි. දැනට වාද්දූව පොලිසිය මේ සම්බන්ධයෙන් පැමිණිලි 53ක් ලැබී ඇති බවත් විවිධ ප්‍රදේශවල 300කගෙන් පමණ මෙසේ  මුදල් ලබාගෙන ඇති බවත් වාර්තා වෙයි.  මුදල් ලබාදුන් කියන පිරිසක් අද  පෙරවරුවේ සැකකරුවන්ගේ නිවස වටලා ඔවුන් තිදෙනා අල්ලාගෙන විත් පොලිසිය බාරදී ඇත.