( දිසානායක ජපානයේ සිට ) - ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ කඨින පුජෝත්සවය නොවැම්බර් 09 -10 යන දෙදින පුරා ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට විහාරාධිපති තුන්හිටියාවේ ධම්මාලෝක හිමියන් ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සහාව කටයුතු යොදා ඇත.
ජපානය පුරා වැඩ වාසය කරන හික්ෂුන් වහන්සේලා විසි නමක් පමණ සහහාගී විමට නියමිත මෙවර උත්සවයේ විශේෂත්වය කඨින පුජෝත්සවයට පෙර එනම් නොවැම්බර් 09 වන දින, අටවිසි බුද්ධ පුජාව විහාරයේ දි සහ මුරැතැන් දේව පුජාව විහාරස්ථ සතර මහා දෙවාල භුමියේදී සිදු කිරීමයි.
එදින සිදු කරනු ලබන අනෙකුත් විශේෂාංග අතරින් දහම් පසල් සිසු සිසුවියන් රග දක්වන ලී කෙලි නැටුම් සංදර්ශනය , විහාරස්ථානයට ssvjapan.wordpress.com නමින් අලුතින් වෙබ් අඩවියක් හදුන්වා දීම, විහාරස්ථ පුස්තකාලය ආරම්භ කිරීම හා සාමාජිකයන් බදවා ගැනීම ප්‍රමුකස්ථානය ගනු ඇත.
ඉහත සදහන් සියලු කටයුතු සංවිධානය කිරිම් මේ දින වල විහාරස්ථ දායක සහාව, දහම් පසල් දෙමාපිය සංගමය සහ තරුණ කළේ උත්සාහයක ප්‍රතිපලයකි.