ජපන් ජෝඩුව ගසා කෑ ත්‍රීරෝද රියදුරාට වරදී


බොරු සංචාරක මගපෙන්වන්නකු ද සමග එක් වී ජපාන ජෝඩුවකගෙන් රුපියල් 34000ක් හා 6000ක් අසාධාරණ ලෙස අය කළැයි වරද පිළිගත් ත්‍රීරෝද රියදුරු කේ ජී වීරසිංහට රුපියල් 1500ක දඩයක් නියම කළ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා හය මසක සිර දඬුවමක් නියම කර එය පස් වසරකට අත්හිටැවීය.

කොළඹ කොම්පඤ්ඤවීදියේ සිට කොම්පඤ්ඤ වීදියේම හුණුපිටිය ගංගාරාමයටත්, හින්දු කෝවිලටත් ගෙන ගොස් ඔවුන් මේ මුදල් ගසා කා ඇතැයි සංචාරක පොලිසිය මහේස්ත්‍රාත්ට දැන්වීය.

ත්‍රීරෝද රියදුරු වරද පිළිගනිමින් පවසා ඇත්තේ මුදල් සොයා ගැනීම සඳහා මේ ක්‍රියාව කළ බවයි.