ජපන් අගමැති ෂින්සෝ ඇබේ අද උදෑසන 8.30 ට පමණ කැලණි රජමහා විහාරයට පැමිණ රත් පියුමින් බුදුන් පිදීය. විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ද, කැලණිය විහාරවාසී දෙනියායේ පඤ්‍ඤාලෝක හිමියන් හා බස්නායක නිළමේ ධම්මික ආටිගල මහතා ඇතුළු පිරිසක් ද හමුවිය. හෙලේනා විජයවර්ධන ආර්යාවගේ ධන පරිත්‍යාගයෙන් හා පුරෝගාමීත්වයෙන් සෝලියස් මැන්දිස් ශිල්පියා විසින් අඳින ලද බිතුසිතුවම් ජපාන අගමැති නැරැඹීය. මහාචාර්ය මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ සධාතුක කරඬුව ජපන් අගමැතිගේ හිසේ තබා සෙත් පැතූහ.






