ජනාධිපතිවරණයේ ආරක්ෂාවට පොලිසියේ 71000ක්


ජනාධිපතිවරණයේ ආරක්ෂාව වෙනුවෙන් ජනවාරි හය වැනි දා සිට පොලිසියේ 71100 දෙනෙක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

ඉන් 500 දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකයේ භටයෝ වෙති.

මෙතරම් පිරිසක් මැතිවරණය රාජකාරි සඳහා යොදවන පළමු අවස්ථාව මෙය බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

ජනවාරි පස් වැනි දා සිට සෑම පොලිස් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි මාර්ග බාධක 417ක් යොදන බවත්, පූර්ණ හා අර්ධ කැරලි මර්ධන කණ්ඩායම් 152ක් යොදවන බවත් ඔහු කියයි.